අරුමපුදුම මරණ දැන්වීම

මේ දවස්වල අලූතින් වේදිකා නාට්‍යයක් පුහුණු කරනවා. ඒකෙ නම 'සුදු ඇඳගෙන හොරු ඇවිදින්'. මේක අහපුවම හුඟක් අය අහන්නෙ හොරු ගැනම විතරද නාට්‍ය හදන්නෙ කියලා. හොරු ඉන්න රටක උපන් අපි ඉතිං වෙන කා ගැන නාට්‍ය හදන්නද. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ කුමාර තිරිමාදුර. එහෙම නැත්තං බලපිටියෙ තිරිමාදුර කුමාර සොයිසා. කුමාර මට මුලින්ම හම්බවෙන්න 'දිවයින' පත්තරේ සෝදුපත් කියවන්නෙක් හැටියට, අසූව දශකයේ මුල් භාගයේදි. අපි එකට වැඩ කලා. මම ටයිප් සෙටින් අංශයේ ඉඳගෙන පත්තරේටත් එහෙන් මෙහෙන් ලිව්වා. කුමාරත් සෝදුපත් බලන ගමන් එහෙන් මෙහෙන් ලිව්වා.

කොරෝනා නිසා නතර කරනගං වැඩියෙන්ම අපි පුහුණුවීම් කරන්නෙ මහරගම ආනන්ද මෛති්‍ර හාමුදුරුවො වැඩසිටි පන්සලේ. පුහුුණුවීම් අතරතුර විවේකයේදි පරණ පත්තරකාර කතා කිය කිය විනෝදත් වෙනවා. ඒ කාලෙ පරිගනක තිබුනේ බොහොම ප්‍රාථමික අවධියක. අඟල් නවයෙ ඩික්ස් වල තමයි පත්තරේ ටයිප් සෙටින් ගබඩා කරන්නෙ. මේ ඩිස්ක් එකක් සීරිලා වාර්තාවක් විකෘති වෙලා එකල හිටපු රාජ්‍ය නායකයගෙ විස්තරේකුයි මරණ දැන්වීමකුයි පැටලිලා මුද්‍රණය වෙලා අපිටත් හතරවෙනි තට්ටුවට යන්න සිද්ධ වුනා.
හැබැයි මේක වෙනම කතාවක්. 1974 අප්‍රියෙල් මාසෙ 24 වෙනිදා 'ඩේලි නිවුස්' පත්තරේ මෙහෙම මරණ දැන්වීමක් පළවෙනවා.

O'Cracy.
The death occurred under tragic circumstances of D.E.M.O'Cracy, beloved husband of T.Ruth, loving father of L.I. Bertie, Faith and Justicia. Interred on Saturday, 20th April instant - Aralia Medura, Parangiyawatta, Anduruwella.

බැලු බැල්මට මෙය ධ.ක‍ර්ජහ නම් අයගේ මරණය ගැන ඔහුගේ භාර්යාව T.Ruth සහ දරුවන් වන L.I. Bertie, Faith සහ Justicia පුවත්පතේ පලකරපු දැන්වීමක්. නමුත් එය ඊට වඩා එහාට ගිය කතාවක්. මේ කියන කාලය ලංකාවේ දේශපාලනයේ හැල හැප්පීම් රාශියක් සිදුවුන කාලයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන තන්ත්‍රයට බාධා පැමිණිමේ ලක්ෂණ මතුවෙමින් තිබුනා. මෙය රජය අපහසුවට පත්කිරීමට පළකල දැන්වීමක් බව රජය හඳුනාගත්තා. (death of Democracy) ප්‍රජාතන්ත්‍රවාදයේ මරණය පිළිබඳව සත්‍යයේ ආදරණීය ස්වාමිපුරුෂයා මෙන්ම නිදහසේ, විශ්වාසයේ සහ යුක්තියේ පියාණන් අභාවප්‍රාප්ත වූ බවයි.

මේ දැන්වීම ගැන එකල ආණ්ඩුව කලබල වුනා. කොයිතරම් උත්සහ කලත් එහෙම ලිපිනයක් හොයාගන්න බැරිවුනා. අරලිය මැදුර කියා සඳහන් කර තිබුනේ අරලියගහ මන්දීරයයි. මේ මරණ දැන්වීම හරහා පැවති රජයට රතු එළියක් දල්වල තිඛෙන බව දැනුන නිසා මේ ගැන දැඩි විමර්ශන සිදුවුනා. ඒත් අදාල කෙනෙක්ව හොයාගන්න බැරිවුනා.

ඊට පස්සෙ ඇඟිල්ල දිගුවුන පුවත්පතේ මරණ දැන්වීම බාරගත් නිලධාරියා, අදාල අංශය භාර නිලධාරියා, කතුවරයා ඇතුළු කීප දෙනෙක්වම හතරවන තට්ටුවට අරගෙන ගිහින් ප්‍රශ්න කලත් මේ සිද්ධියට සම්බන්ධ කිසිම කෙනෙක් ගැන අනාවරණය කරගන්න බැරිවුනා. අවසානයේ පුවත්පත් ආයතනයේ කිහිප දෙනෙක්ගේම වැඩත් තහනම් වුනා.

ටික දවසකට පස්සෙ මුල් පෙලේ පුවත්පත් කලාවේදියෙක් එවකට හිටපු පොලිස්පතිවරයා මුණගැසී මෙය තමන් විසින් පළකරන ලද මරණ දැන්වීමක් බවත්. රටේ පවතින ව්‍යාකූල තත්වය ගැන ජනතාවට ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීමට මෙය පළකල බව පිළිගත්තා. තමා නිසා පුවත්පතට අදාල අයගේ වැඩ තහනම්වීම ගැන කම්පාවන නිසා වරද පිළිගන්නා බවත් ප්‍රකාශ කලා. ඒ නිසා වැඩේ ගොඩින් බේරුනා. ඒත් මේ කාරණාව ලෝකප්‍රකට වුනා. මේ දැන්වීමේ ලිපිනය නැතිව 1975 ජුනි මාසෙ 28 වන දින 'ටයිම්ස් ඔෆ් ඉන්ඩියා' පුවත්පතේ පලවුනා. ඒ ඉන්දියානු රජයට බලපෑම් කරන්න නෙමෙයි. මේ මරණ දැන්වීමේ තිබුණ නිර්මාණශීලි බව නිසයි. හැබැයි ඉන්දීය රජයත් මේක සැරට බාරගත්තු නිසා එම පුවත්පතේ කාර්ය මණ්ඩලයටත් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වුනා.

Reader's Digest සඟරාවේ 1975 අගෝස්තු කලාපයේත් මෙම සිද්ධිය කවටකමක් හැටියට පළ කරල තිබුනා. එදා ජනතාවට අමුවෙන් පණිවුඩ ලබාදෙන්න සමාජ මාධ්‍ය නොතිබුනත් නිර්මාණශීිලි මිනිසෙකුට එය සාර්ථකව ඉෂ්ට කරන්න හැකියාව ලැබුනා. මෙම මරණ දැන්වීම විතරක් නෙමෙයි ඒකෙ ලිපිනය පිළිබඳවත් හොඳින් විමසා බැලූවම ඒකෙත් යම් උපහාසයක් තියෙනවා. වචන වලින් මතුවන හාස්‍යය සහ සන්ත්‍රාසය මඟින් සබුද්ධික ජනතාව අවදිකරන්න නිර්මාණශීලි පත්තරකාරයෙකුගේ සමත්වීම නිසා මෙම මරණ දැන්වීම ජාත්‍යන්තරයටම ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *