Sun. Jul 21st, 2019

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) විවාදයට ගැනෙනවා.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රකාශ කළා.

මේ අතර විශ්වාසභංග යෝජනාවේදී ගන්නා තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය නොදක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව විශ්වාසභංගයේදී ගන්නා තීරණය කුමක් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම ගෙන් විමසීමක්  කළා. එහිදී ඔහු කියා සිටියේ සිය තීරණය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන බවයි.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද (10) සහ හෙට (11) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් පසු හෙට පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *