Sun. Dec 15th, 2019

ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය සිදු කරයි

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය දිය කැපීමේ චාරිත්‍රය අද අලුයම සිදු කෙරිණි.

ඒ, සිව්මහා දේවාලයන්හි පෙරහැර මහවැලි නදියේ ගැටඹේ තොටට ළඟාවීමෙන් අනතුරුවයි.

මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ වීදි සංචාරය කළේ, රාත්‍රී 8.05 ට යෙදුණු සුබ මොහොතිනි.

මෙවර කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමිවූයේ කතරගම වාසනා හස්ති රාජයාටයි.

මෙවර අවසන් මහා රන්දෝලි පෙරහැර සංස්කෘතිකාංග රැසකින් සමන්විත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *