Sun. Dec 15th, 2019

ඉන්දියාව නිදහස ලබා අදට 73 වසරක් සපිරේ.

ඉන්දියාව, බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලබා අදට 73 වසරක් සපිරේ.

නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී 73 වැනි නිදහස් දින සැමරුම අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අග්‍රාමාත්‍යවරයා සිය නිදහස් දින දේශනයේදී ජම්මු කාශ්මීරයට ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීම රට සංවර්ධනයට ගෙන ඇති පියවර ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති.

මේ අතර ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ සහ ජම්මු කාශ්මීරයේ ආරක්ෂාව තර කරමින් කාශ්මීර නිම්නයේ පමණක් පොලිස් සහ අතුරු හමුදා භටයින් ලක්ෂ එකහමාරක් පමණ යෙදවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඒ, ඉදිරි පැය 24 තුළ පකිස්ථානයෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබී ඇති බුද්ධි තොරතුරුවලට අනුවයි.

මේ අතර ඉන්දීය නිදහස් දිනය කළු දිනයක් ලෙස සළකා ක්‍රියාකරන බව පකිස්ථානය සඳහන් කළේ ය.

පකිස්ථාන කාශ්මීරයේ මෙන්ම රටපුරා නිවෙස්වල කළු ධජ ඔසවමින් විරෝධතා රැළි පවත්වමින් එරට වැසියන් අද කළු දිනයක් ලෙස සමරනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *