ඉරානය, ඉතාලි සහ ද. කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් අද සිට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට

කොරෝනා ව්‍යාප්ත වූ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම අද සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු මගීන් අද සිට නිරෝධායන කටයුතු සඳහා බැටික්ලෝ කැම්පස් සහ කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන බවයි.

මේ වනවිට විවිධ රටවලින් පැමිණි පුද්ගලයින් 4000 කට අධික පිරිසක් සම්බන්ධයෙන් පසුවිපරම් සිදු කරමින් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *