Thu. Nov 14th, 2019

එස්.බී. දිසානායකගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් භාරයේ තිබූ පිස්තෝල දෙකක් ද සිය භාරයට ගත් බව ය

වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් කරවනැල්ල සහ ගිනිගත්හේන රෝහල්වල ප්‍රතිකාර ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතාගේ රථය අවහිර කළ බව කියන සිද්ධියක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත එම වෙඩි තැබීම සිදුව ඇති බව ය.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *