කටාර් රාජ්‍ය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයින් ඇතුළු කර ගැනීම තාවකාලිකව අත්හිටුවයි

අද සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේ ය.
මෙම රටවල් අතරට අයත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඉතාලිය, ලෙබනනය , නේපාලය, පකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව, සිරියාව සහ තායිලන්තයයි.

සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඇතුළු රටවල් නවයකට සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කළේ එම රටවලට සිදු කෙරුණු ගුවන් සහ නාවික ගමන්වාර ද නතර කරමිනි.

බහරේනය සඳහන් කළේ, සිය ෆෝමියුලා ගෝන්ෆ්‍රී තරගය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *