Thu. Nov 14th, 2019

කෝටි 10ක් ඉල්ලා හතුරුසිංහ SLCයට විරුද්ධව නඩු මගට

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය අද (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව 'අද'ට වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව හතුරුසිංහ නඩු මගට ගොස් ඇති අතර, එම නඩුව ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන 'බේරුම්කාරක' අධිකරණයේදී ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිත බව හතුරුට සමීප ආරංචිමාර්ග තහවුරු කර සිටියේය.

හතුරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රාජකාරි කටයුතු ප්‍රධාන කරුණු 05ක් යටතේ පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා එල්ල කර තිබුණි. එහෙත් මෙම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරමින් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා වෙත කළ චෝදනා අතර,

1. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ අන්තර්ජාතික සංචාර සඳහා සුදානම් කිරීමේදී කායිකව සහ මානසිකව ඊට සුදානම් කිරීම සහ සහය කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වීම,

2. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය විශ්වාසය ගොඩනැංවීමට සත්‍ය වුවමනාවකින් සහ විශේෂ අවධානයක් යොමු කිරීමට අපොහොසත් වීම,

3. ක්‍රීඩකයින්ගේ එකමුතු බව නැති කිරීමට ඔහුගේ යම් යම් ක්‍රියා කලාප හේතුවී ඇති අතර, කණ්ඩායම් හැඟීම සහ ක්‍රීඩකයින් අභිප්‍රේරණය කිරීමට අපොහොසත් වීම,

4. ජාතික පුහුණුකරු ලෙස ඉටුවිය යුතු වගකීම පැහැර හැරීම,

5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම නිසා (2018 වසරේ පැවති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී) ඊට වරදකරු වී දඬුවම් ලැබීම යන චෝදනා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *