Thu. Aug 22nd, 2019

ගණිකා වෘත්තියේ නියළුණු චින හා රුසියන් ජාතික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනකු කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ දී  (17)  දින උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , සහකාර පාලක (නීති ) ගයාන් මිලින්ද මහතා පැවසීය .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන මෙම රුසියානු කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු බව   මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් තිදෙනා මේ වනවිට මිරිහාන විශේෂ රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන ඇති අතර , මොවුන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කරමින් සිටිති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *