Mon. Oct 14th, 2019

ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අවසන් තීන්දුව අද පෙරවරු 11.00 ට

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ, අවසන් තීරණය ගැනීමේ බලය පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට තීරණය කළ බවයි.

ඒ අනුව ජනාධිපතිතුමාගේ තීරණය අද පෙරවරු 11.00 ට පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී ජනාධිපති නිල නිවසේදී පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *