Mon. Oct 14th, 2019

ත්‍රස්තවාදයට එරෙහිව එක්ව කටයුතු කිරීමට චීනය සහ ඉන්දියාව එකඟතාවයකට

චීන ජනාධිපති ෂි ජින්පිං සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර තමිල්නාඩුවේ මාමල්ල පුරම්හිදී පැවැති සාකච්ඡාවන්හිදී ත්‍රස්තවාදය පොදු අභියෝගයක් ලෙස සලකා ඊට එරෙහිව එක්ව කටයුතු කිරීමට චීනය සහ ඉන්දියාව සිය එකඟතාව පළ කර තිබේ.

ඉන්දු පකිස්ථාන දෙපාර්ශවය අතර ඇතිවි තිබෙන ගැටලුකාරි තත්ත්වය විසඳීම සඳහා සාමකාමි සංවාදයක අවශ්‍යතාව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට අමතරව දෙපාර්ශවය අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇති බවයි.

චීන ඉන්දීය නායකයින් අතර තව ත් සාකච්ජා වටයක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *