Thu. Aug 22nd, 2019

තිරිඟු පිටි මිල අද සිට ඉහළට

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද සිට රුපියල් 7කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

පැනවෙන බදු අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවදුරටත් ඉහළ යනු ඇති බව එම සමාගම් සඳහන් ක‍ළේ ය.

එම සමාගම් ප්‍රකාශ කළේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මීට මාස 7කට පෙර සිටම තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සැලසුම් කර තිබූ බව ය.

මේ අතර සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයද ,තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග තම නිෂ්පාදනවල මිල ගණන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී තීරණය කරන බව පවසයි.

තිරිඟු පිටි මිල ගණන් ඉහළ ගිය බවට මෙතෙක් අදාළ සමාගම් තමන්ට ලිඛිතව දැනුම් දී නොමැති බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *