Sun. Dec 15th, 2019

නවසීලන්තය පළමුව පන්දුවට පහරදෙයි

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම මුහුණ දෙන පළමු තරගයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. කණ්ඩායම් දෙකම දඟ පන්දු යවන්නන් තිදෙනෙක් මෙම තරගය සඳහා කැඳවා තිබේ.

හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. කඩුලු රකින ක්‍රීඩක ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *