Thu. Nov 14th, 2019

නව යුද හමුදා මුලස්ථානය අද ජනපති අතින් විවෘත වේ

අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) විවෘත කෙරේ.

යුධ, නාවික සහ ගුවන් යන ති‍්‍රවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදි කෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ති‍්‍රවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනය.

මේ සඳහා ඇස්තමේන්තුගත  මුදල රුපියල් බිලියන 53.3ක්  වන අතර ශ‍්‍රී ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරිම් කි‍්‍රයාත්මකය.

අතිනවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අතිනවින  තාක්ෂණික ආරක්ෂණ ක‍්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධය.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ  මඟ පෙන්වීමෙන් මෙහි ඉදිකිරීම් කඩිනම් කෙරුණු අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ති‍්‍රවිධ හමුදා මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය හෙට ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *