Mon. Jan 27th, 2020

නාවික හමුදාව අද 69 වන සංවත්සරය සමරයි

රට වට බැඳි රන් පවුරක් තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර් 9 වැනිදා ය.

1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග සිලෝන් රෝයල් නේවී නම ඉවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් එය හැඳින්වීම ආරම්භ කළේ ය.

සතුරු ආක්‍රමණවලදී සයුරේ අණසක පතුරවමින් ලංකාද්වීපය රැක ගැනීමට නාවික සෙබළුන් කළ මෙහෙවර ඉතිහාසයේ ලියැවී ඇත්තේ රන් අකුරින් ය.

වර්ග කිලෝමීටර 65 610 ක භූමි ප්‍රමාණයක මුහුදු සැතපුම් 200 ක් පුරා නාවික හමුදා අණසක පැතිරී ඇත්තේ, මිලියන 20 කට අධික ජීවිත සුරක්ෂිත කිරීමේ ඒකායන පරමාර්ථයෙන් ය.

අද අභිමානවත් 69 වැනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා නාවික හමුදාවට දේශයේ උත්තමාචාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *