Mon. Oct 14th, 2019

පකිස්ථානයේදී ශ්‍රී ලංකාවට 20 යි 20 පූර්ණ තරගාවලි ජයක්

පකිස්ථානය සමඟ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ  තරග 3ට 0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තුන් වැනි සහ අවසන් 20 යි 20 තරගය ලකුණු 13 කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනු, ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

සිය මංගල පන්දුවාර 20යි 20 තරගයට එක් වූ ඕෂධ ප්‍රනාන්දු 4 පහර 8ක් සහ 6 පහර 3ක් සමග පන්දු 48කදී වේගවත් ලකුණු 78ක් රැස් කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු  සංඛ්‍යාව 147 කි.

පකිස්ථාන පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ, කිසිදු ලකුණක් රැස් කිරීමට පෙරදීයි.

අනතුරුව පිටියේ ස්ථාවර වූ බාබර් අසාම් සහ හාරිස් සොහේල් දෙවැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් ගොඩනැගී ය.

පන්දුවාර 20 අවසානයේදී පකිස්ථාන කණ්ඩායමට කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 134ක් පමණි.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ සියලු තරග ජය ගනිමින් පන්දුවාර 20යි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමු‍‍ණේ පසුවන පකිස්ථානය පරාජය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

වනිදු හසරංග තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා බවට පත්විය.

2009 වසරෙන් අනතුරුව දීර්ඝතම ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්තානයේ සංචාරයක නිරත වූ පළමු කණ්ඩායම වන ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් වූයේ පාකිස්ථානය එරට දී ම 20යි 20 තරගාවලියකින් පරාජයට පත් කළ පළමු කණ්ඩායම ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *