Wed. Feb 19th, 2020

පළාත් රැසකට අද දිනයේ මිලිමීටර් 150 ඉක්ම වූ වැසි

දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව සඳහන්  වේ

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *