Thu. Aug 22nd, 2019

පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 5.00 කින් ඉහළ දමා තිබේ.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 7.00 කින් ඉහළ දැමීමත් සමග මෙම තීරණයට එළැඹි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය

ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම්වලට නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි ඒ  තම අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීමට එරෙහිවයි

එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්. ෆවුසර් මහතා සඳහන් කළේ, තිරිඟු පිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යක් ලෙස නම් කර ඇති හේතුවෙන් එහි මිල වැඩි කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ, වැඩි කළ මිලට තිරිඟු පිටි අළෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කරන බවය.

මීට පෙර ද අදාළ සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මීට පෙර ද නඩු පවරා ඇති අතර එහි තීන්දුව මෙතෙක් ලබා දී නැත.

පාන් පිටි හා පාන් මිල ඉහළ දැමීම තුළ තව ත් ආහාර ද්‍රව්‍ය ගණනවක මිල ඉහළ යාම සමාන්‍ය සිදුවීමකි.

එලෙස ජීවන වියදම ඉහළ යෑම වැලැක්වීමට රජය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනම විරෝධය පළ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *