Thu. Aug 22nd, 2019

බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10992කට වැසිකිළි පහසුකම් නෑ

ඊයේ (15දා) දා පැවැති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටුවේදි බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 10992කට  වැසිකිළි පහසුකම් නොමැති බව  අනාවරණයවිය .

බදුල්ල දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ එම්.කේ .ටියුෂන් මහතා මෙහෙදී පැවසුවේ පවුල් 10992 කට වැසිකිළි පහසුකම් නොමැති බවත් මේ පවුල් අතරින් 4389ට ඇත්තේ තාවකාලික වැසිකිළි බවත්ය .

රජය ඉකුත්  අයවැයේදි මෙම වැසිකිළි ප්‍රශ්නයට මුදල් වෙන් කළත් ඒවා ලැබී නැති බව  මෙහිදි අනාවරණය විය .

මේ පිළිබඳව ජල සම්පාදන හා සනිපාරක්ෂක  අමාත්‍යාංශයේ  අවධානය යොමුකිරීමට  දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තීරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *