Mon. Oct 14th, 2019

මැතිවරණ නීතිය කඩ කරමින් රජයේ රැකියා ලබාදීමේ සිදුවීම් 6 ක් – පැෆරල් සංවිධානය

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ රැකියා ලබාදීමේ සිද්ධි කිහිපයක් වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂකයින් පවසති.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, එවැනි සිද්ධි 6 ක් පමණ පසුගිය දින කිහිපයේදී වාර්තා වූ බවයි.

මේ අතර ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක නීතිඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, තම සංවිධායට ද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද දක්වා පැමිණිලි 4 ක් වාර්තා වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *