Sun. Dec 15th, 2019

රත්නපුර, මහනුවර සහ නුවරඑළියට තද වැසි – ගමනාගමනයටත් බාධා

මේ වනවිට රත්නපුර, ඇලපාත සහ පැල්ලමඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ගඟ දෙපස පිහිටි පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර ගඟ දෙපස සිටින අවදානම් ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත් වන්නැයි ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් දැනුවත් කිරීම් ආරම්භ  කර ඇති බව ද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කළේය

කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගලා තිබේ

අද පෙරවරු 8.30 සිට පස්වරු 5 ද්කවා කාලය තුළ රත්නපුර, මහනුවර සහ නුවරඑළිය ප්‍රදේශවලින් තද වැසි වාර්තා වී තිබේ.

එම කාලසීමාව තුළ වැඩිම වර්ෂාපතනය ලෙස රත්නපුර කුඩව ප්‍රදේශයෙන් මිලිමිටර් 176 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *