Thu. Nov 14th, 2019

රු. මිලියන 14කට අධික මත්පෙති තොගයක් අත්අඩංගුවට

රුපියල් මිලියන 14කට අධික වටිනාකමින් යුත් එක්ස්ට්‍රසි වර්ගයේ මත්පෙති තොගයක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ.

තැපැල් මාර්ගයෙන් ලැබුණු එම පාර්සලය භාර ගැනීමට ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණි 25 හැවිරිදි පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබී ය.

රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ, බෙල්ජියමේ සිට මෙම මත්පෙති තොගය එවා ඇත්තේ පා සම්භාහන උපකරණයක් තුළ සඟවා බව ය.

එහි තිබී සොයා ගත් මත්පෙති ප්‍රමාණය 2952කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *