Thu. Nov 14th, 2019

වායු දූෂණයට ලක්වූ ලොව ප්‍රධාන නගර අතර නවදිල්ලිය මුල්තැනට

වායු දූෂණයට ලක්වූ ලොව ප්‍රධාන නගර අතර මුල්තැනට අද ඉන්දියාවේ නවදිල්ලි පත්ව තිබේ.

එම ලයිස්තුවේ දෙවන ස්ථානය හිමිවුයේ පකිස්ථානයේ ලාහෝර් නුවරටයි.

වායු ගුණාත්මක භාවය අනතුරුදායක මට්ටමින් පහතවැටීමත් සමඟ අද සිට නවදිල්ලි නුවරට ඇතුළු වන වාහන සංඛ්‍යාව සීමා කිරීමට දිල්ලි පොලීසිය පියවර ගෙන තිබේ.

මේ යටතේ ඔත්තේ සංඛ්‍යාවලින් සහ ඉරට්ටේ සංඛ්‍යාවලින් අවසන් වන ලියාපදිංචි කිරීමේ අංක සහිත වාහනවලට එකම දිනයක දිල්ලි නුවර මහාමාර්ගවල ධාවනය කිරීමේ අවස්ථාව හිමිනොවනු ඇති.

දිල්ලි ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් සඳහන් කළේ, වසර පහකට පසු වායු ගුණාත්මකභාවය මෙතරම් පහතවැටුණු මුල් අවස්ථාව මෙය බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *