Sun. Jul 21st, 2019

වෑන් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

වෑන් රථයක් තුළ  අභිරහස් ලෙස  මිය ගිය අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, 35 හැවිරිදි නාවලපිටිය, රඹුක්පිටිය ප්‍රදේශයේ  පදිංචිකරුවෙකුගේ මළ සිරුරක් එලෙස සොයා ගත් බව ය

මරණකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස අබ්බැහි වුවෙකු බවයි නාවලපිටිය පොලීසිය  පවසන්නේ

රියදුරුවරයෙකු වශයෙන් සේවය කළ  මරණකරුගේ මිත්‍රයෙකු ඊයේ  (10)  දින පස්වරු 6 ට පමණ  මරණකරුගේ  නිවස වෙත වැන් රථය පැදවාගෙන විත් තම මිත්‍රයා වෙරි වි  වෑන් රථයේ පසු පස අසුනේ නිදා සිටි බවත්, වෙරි හිදිමෙන් පසු ඔහුට නැගිට නිවසට පැමිණෙන බව මරණකරුගේ පියා වෙත දන්වා වෑන් රථයේ යතුර මරණකරුගේ පියා වෙත භාර දි මිත්‍රයා නිවසින් බැහැරව ගොස් ඇත

වෑන් රථයේ නිදා සිටි තම පුතා පැය කිහිපයක් ගතවුවත් නිවසට නොපැමිණි නිසා එ පිළිබඳව සැක සිතු මරණකරුගේ පියා ඒ පිළිබඳව 1990 ගිලන් රථයට දැනුම් දිමෙන් පසු ගිලන් රථයේ කාර්යය මණ්ඩලය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරිමෙන් අනතුරුව අසංක බණ්ඩාර නැමති අය මිය ගොස් ඇති බව පියා වෙත දැනුම් දි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *