Thu. Nov 14th, 2019

හගිබිස් සුළි කුණාටුවෙන් ජපානයේ 4 ක් මරුට

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 60 කට පසු ජපානයට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන හගිබිස් මේ වනවිට පැයට කිලෝමීටර 225 ක සුළං වේගයකින් ජපානයේ නැගෙනහිර වෙරළ පුරා හමායන බවයි.

කුණාටුවෙන් මේ වනවිට පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස්  තව ත් පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වූ බව ජපාන බලධාරීන් සඳහන් කළහ.

හගිබිස් සුළි කුණාටුවේ බලපෑම හමුවේ මේ වනවිට අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 17 කි.

ඉවතේ, මියාගි, ෆුකුෂිමා, ඉබරකි, ටොචිගි, ගුන්මා, සයිතමා, චිබා, තෝකියෝ, කනගවා, නිගාතා, යමනෂි, නගානෝ සහ ෂිසුවෝකා ප්‍රදේශවල දිවිගෙවන මිලියන 3 කට ආසන්න ජනතාවට ඉවත්වන ලෙස ද ජපාන බලධාරීන් මීට පෙර නියෝග කර තිබුණි.

සුළි කුණාටුව හේතුවෙන් චිකුමා නදිය මෙන්ම තෝකියෝ අගනුවර හරහා ගලායන තමා ගංගාව ද පිටාර ගලා ඇත.

අද පෙරවරුවේ තෝකියෝවේ උමං දුම්රිය සේවා මෙන්ම තෝහොකු, හොකුරිකු මොරිඕකා, අකිතා ඇතුළු ප්‍රදේශ රැසක දුම්රිය සේවා රැසක් අවලංගු කිරීමට ජපාන බලධාරීන් පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *