Thu. Aug 22nd, 2019

හිටපු නායක දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශ සමඟ තරගාවලියේ නෑ

බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නම්කළ 22 කුගෙන් යුත් සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.

ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න නම්කර ඇත.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජුලි 26දා, 28 දා හා 31 දා දිවා රාත්‍රි තරග ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

නම් කළ ශ්‍රී ලංකා සංචිතය -  දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග, ණුවන් ප්‍රදීප්, කසුන් රාජිත, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, ළහිරු මධුශංක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *