මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්.

වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට රැස්වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ නිසා රෝහලේ දෛනික කටයුතුවලට ද බාධා එල්ලවී තිබෙනවා.

SHARE