කෝලිගෙන් උත්තරයක්‌?

CANBERRA, AUSTRALIA - JANUARY 20: Virat Kohli of India looks on during the Victoria Bitter One Day International match between Australia and India at Manuka Oval on January 20, 2016 in Canberra, Australia. (Photo by Mark Metcalfe - CA/Cricket Australia/Getty Images)

හිස්‌ව ඇති ඉන්දියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට තෝරාගත් පිරිස අතුරින් සුදුස්‌සා තීරණය කරනු ලබන්නේ නායක විරාට්‌ කෝලිගේ මතය අනුව බව ඉන්දියානු ක්‍රිකට්‌ උපදේශක කමිටු සාමාජික සව්රව් ගංගුලි පවසයි.

අදාළ පුහුණුකරු තේරීම ගංගුලි, විරේන්ද්‍ර ෂෙවාග් සහ වී.වී.එස්‌. ලක්‍ෂ්මන්ගෙන් යුත් කමිටුවක්‌ විසින් සිදුකරනු ලබයි. ඉන්දියානු පුහුණුකරු ධුරය සඳහා අයදුම් කළ පීල් සයිමන්ස්‌ හැර අනෙකුත් අයදුම්කරුවන් සියලූ දෙනා සමගම සාකච්ඡා කර ඇති බව ගංගුලි වැඩිදුරටත් පවසා තිබේ.

විරාට්‌ කෝලි මේ දිනවල ඇමරිකාවේ සංචාරය කර ඇති බැවින් ඔහු සිය රටට පැමිණි විගස මේ සම්බන්ධව අවසන් තීරණය ගන්නා බවත් ශ්‍රී ලංකා සංචාරය සඳහා වැඩබලන පුහුණුකරුවකු පත්කරන බවත් ගංගුලි පවසයි.

ඉන්දියානු ක්‍රිකට්‌ කණ්‌ඩායමේ මීළග පුහුණුකරුවා වශයෙන් රවී ශාස්‌ත්‍රි, ටොම් මූඩි, රිචඩ් පොබ්ස්‌, ලාල්චන්ද් රාඡ්පුට්‌ යන අයගෙන් එක්‌කෙනකු පත්කර ගන්නා බවද වැඩිදුරටත් වාර්තාවේ. ”කෝලිට අපි පුහුණුකරුවන් සමග වැඩ කරන ආකාරය කියා දෙනවා. ඔහුගේ තීරණය වැදගත්. මොකද 2019 වෙනකම් මේ පුහුණුකරුත් එක්‌ක තමයි යන්න වෙන්නෙ.” යනුවෙන් ෂෙවාග් පවසා සිටියි.

CANBERRA, AUSTRALIA – JANUARY 20: Virat Kohli of India looks on during the Victoria Bitter One Day International match between Australia and India at Manuka Oval on January 20, 2016 in Canberra, Australia. (Photo by Mark Metcalfe – CA/Cricket Australia/Getty Images)
SHARE