හිරු එෆ්. එම් විප්ලවීය ගමන් මගක

නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ
චන්දිම සුරියආරච්චි සමඟ කතාබහක්

ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා තරඟකාරිත්වයක් ඇති මෙවන් යුගයක එෆ්.එම්. නාලිකා රැසක් අතරින් පෙරමුණේ සිටීමට නම් යම් විප්ලවයක් කළ යුතුමයි. එවැනි විප්ලවයක් සිදුකරමින් සිය වැඩසටහන් ශ්‍රාවක ජනතාවට ප්‍රයෝජනවත් අයුරින් පෙළගස්වා ඔවුන්ගේ සිත්සතන් ඇඳ බැඳගනිමින් වසර දහනවයක පෙරමුණේ රාළ කෙනකු මෙන් චාරිකාවක යෙදෙමින් පෙර දැක්මක් ඇතිව ඉදිරියටම යන සුබ මූර්තිමත් අවස්ථාවක ‘හිරු එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ චන්දිම සූරියආරච්චි මහතා සමග දොඩළුවු මොහතකී මේ.

* ජනප්‍රියත්වයත් රැකගෙන වසර දහනවයක් පුරා පැමිීණි ගුවන් විදුලි චාරිකාව කෙසේ සිදුවීද?

ඇත්තෙන්ම වසර 1998දී ආරම්භ කළ හිරු එෆ්.එම්. නාලිකාව විවිධ මං පසුකරමින් අභියෝගවලට මුහුණ දෙමින් කාලයෙන් කාලයට වැඩසටහන් වෙනස් කරමින් මේ ගමන පැමිණ තියෙනවා. මෙහි තිබෙන විශේෂත්වය එෆ්.එම්.නාලිකා රැසක් සමග තරඟකාරිත්වයක් යෙදෙමින් ප්‍රේක්ෂක සිත්වලට වඩාත් සමීප වෙමින් මේ චාරිකාව පැමිණීමයි. මේ සඳහා ඒ.බි.සි. මාධ්‍ය ජාලයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රෙනෝ සිල්වා මහතා ශ්‍රාවකයින්ගේ පැත්තේ සිට ඉමහත් සේවයක් කරනවා. හිරු එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ සාර්ථකත්වයට විශාල ශක්තියක් ලබා දෙනවා.

* දහනව වෙනි සංවත්සරය සමරන හිරු එෆ්.එම්. නාලිකාවේ ඉදිරිය කෙබඳුවේද?

එදා අපි ආරම්භ කරන විට ශ්‍රාවක ජනතාව තුල තිබු සිතුම් පැතුම් නොවේ දැන් තියෙන්නේ. එවා සම්පූර්ණයෙන්ම වගේ වෙනස්වෙලා. තාක්ෂණය වෙනස්වි තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවට පැමිණෙන්නට මාස කිහිපයකට පෙර අපි සූදානම් වුණා යම් සැලසුමක් සකස් කළා. අසන්නන්ගේ රුචිකත්වය අනුව තමයි අපිට ඉදිරියට යන්න තියෙන්නේ ඒ නිසා කණ්ඩායම් කිහිපයක් යොදා ගනිමින් පර්යේෂණ ගණනාවක් පැවැත්වූවා මෙහිිදි වෙනදාට වඩා වෙනස් ප්‍රදේශ, වෙනස් ජන කාණ්ඩ අපි තෝරා ගත්තා. ඒ අනුව වැඩ සටහන් කිහිපයක් වෙනස් කරමින් නව වැඩසටහන් හඳුන්වා දුන්නා. එමෙන්ම අපේ තේමා පාඨය වන්නේ ‘මුළුරටම අහන හිරු හිරු මාගේ පණවාගේ‘ එවිට මුළු පවුලේ සියලු දෙනා එක්ව අහන ගුවන් විදුලි නාලිකාවක් කරන්න තමයි අපේ ඉලක්කය.

* විවිධ වයස් කාණ්ඩවල ශ්‍රවකයින් සිිටිනවා මේ අය ඇද බැඳ තබා ගන්න ගත් පියවරයන් කෙසේද?

ජාතික ගුවන් විදුලි නාලිකාවක් ලෙස ළමා, තරුණ හා වැඩිහිටි යන සියලු දෙනාට වැඩසටහන් ගෙනෙන නාලිකාවක් ලෙස තමයි හඳුන්වන්නේ. එහිදි උදෑසන ආරම්භයේදි අපි ආශිර්වාදාත්මක වැඩසටහනක් ලෙස පිරිත් දේශනය වගේම ඉන්පසුව ළමයින් සඳහා වැඩසටහනක් හඳුන්වා දෙනවා. මොකද අපි සියලු දෙනා හැම දෙයක්ම කරන්නේ සෑමදැඟලිල්ලක්ම කරන්නේ දරුවන් වෙනුවෙන් රටේ අනාගතය දරුවන්ය. ඒ අයට වැඩසටහනක් සකස් කර තියෙනවා. ඊට පසු සිටින අය වෙනුවෙන් හා යන එන අය වෙනුවෙන් වැඩසටහනක්ද අනතුරුව සති අන්තයේ වැඩසටහන් වෙනස් කර තියෙනවා. ටිකක් රාජකාරියෙන් නිදහස් වෙන්නේ සති අන්තයේ නිසා.

යම් යම් ගැටලු සහගත තත්ත්වයන් තුල සිටින අය මේ කාලය තුල තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගෙන යනවා. නොපෙනෙන දේවල් පස්සේ යනවා ඒ නිසා සෙනසුරාදා හා ඉරිදා දිනවල උදේ හතේ සිට දහය දක්වා ආගමික නායකයකු සහභාගිවන වැඩසටහනක් ප්‍රචාරය කරනවා. මේ වැඩ සටහන සෙනසුරාදා දරුවන් උදෙසා විකාශය කරන අතර ඉරිදා ඔවුන් දහම්පාසැල් යන නිසා එදින වැඩිහිටියන් වෙනුවෙන් පැවැත්වෙනවා. එහිදි සංවාද මට්ටමින් මේ වැඩසටහන් සිදුකෙරෙනවා. ඒ අනුව අපට එදිනෙදා ඇතිවෙන ගැටලු සඳහා ධර්මයෙන් විසඳුම් තමයි සොයන්න උත්සහ කරන්නේ.

* වර්තමානයේ සෑම විද්‍යුත් මාධ්‍ය ආයතනයක් වගේ තමන් මුල් ස්ථානයේ සිටින බව තමයි ජනතාවට කියන්නේ එවිට මෙය බේරුම් කර ගන්නේ කෙසේද?

මෙහි හිරු එෆ්. එම්. නාලිකාවේ තත්ත්වය නම් අපි ඉදිරියෙන් සිිටිනවා කියන්නේ සිතුවිල්ලෙන්. අපේ පැත්තේ සිට මිනිස්සු දෙස බලලා වැඩක් නැහැ. ඒක සැබෑ මුලාවක්. අපි කිසියම් දෙයක් සිතා ඒ දේ ජනතාවගෙන් බලාපොරොත්තු වන්න බැහැ. අයතනයක තත්ත්ව පාලකවරයකු පත් කොට භාණ්ඩයක් එළි දැක්වු පසු එය පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරනවා නම් එම ආයතනයට තත්ත්ව පාලකවරයාගෙන් වැඩක් නැහැ.

මෙහි සැබෑ තත්ත්ව පාලක වරයා පාරිභෝගිකයායි. අපේ ගුවන් විදුලි මාධ්‍යයේ නම් ශ්‍රාවකයායි. අපි එක් ශ්‍රවකයකුගේ ලිපියට පවා වැඩසටහන් අන්තර්ගතය වෙනස් කොට තියෙනවා. අපි මූලිකත්වය දෙන්නේ අසන්නන්ට එහිදි බොහෝ විට 75%ක් පමණ ශ්‍රාවකයින්ටත් අනෙකුත් 25% අපි සිතා කටයුතු කරන අවස්ථා තියෙනවා.

අපි සිතුවිල්ලෙන් ඉදිරියෙන් සිටිනවා කිව්වේ 2017 පිළිබඳ නොවේ හිරු එෆ්.එම්. සිතන්නේ 2020 හෝ 2025යේදි තාක්ෂණය කෙබඳුවේද ජනතා සිතුම් පැතුම් හැසිරීම් කෙසේ වෙනස් වේද යන්නයි. අද 5.00ට අවදිවන අය එදාට 4.00ට අවදිවේනම් ඊට අපේ වැඩසටහන් වෙනස් කළ යුතුයි. අද ඉක්මනට නින්දට යන ජනතාව අඩුයි රාජකාරිය අවසන් කොට ගෙදරට එන්නේ සමහර විට රාත්‍රී 10.00ට පමණ ප්‍රවෘත්ති බලන්නේ ඒ වේලාවලයි ඒ අනුව වැඩසටහන් වෙනස් විය යුතුයි. මෙහිදි ජනප්‍රිය කාලයද වෙනස් වෙනවා. ඒ නිසා ජනතාව දෙස බලා අපි වෙනස් විය යුතුවෙනවා.

* මේ කාලය තුල වැඩිම ප්‍රතිචාර ලැබුණු වැඩසටහන් කුමක්ද?

හිරු කියන්නේ වැඩියෙන් විනෝදාස්වාදය වැඩසටහන් ඉදිරිපත් කරන ගුවන් විදුලි නාලිකාවක්.හිරු එෆ්.එම්. ශ්‍රාවකයින් නිරන්තරයෙන්ම ගීත වැඩියෙන් ප්‍රචාරය වීමක් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අලුත් ගීත ප්‍රචාරය වන්නේ හිරු එෆ්.එම්. ගුවන් විදුලිය ඔස්සේ කියා මතයක් ශ්‍රාවකයින් තුල තියෙනවා. එය නැති කරන්නේ නැතිව දිගටම සිදුකර ගෙන යනවා. එහිදි අප බලනවා පැණි රස තවරා බෙහෙත් දෙනවා වගේ ඒ තුලින්ම ජනතාවගේ ඔළුවට යමක් දෙන්න සැලසුම් කරනවා. එහිදි ඒ අයගේ ජීවිත හරවත් කරගන්න උදව් කිරීමක් තමයි බලාපොරොත්තු වෙනවා.

* එෆ්.එම්. නාලිකා මිනිසුන්ගේ ඇඟට යමක් දෙනවා මිස ඔළුවට කිසිවක් නොදෙන බවට ඇතමුන්ගේ චෝදනවාක් තියෙනවා නේද?

ඔව්. එහෙත් හිරු ශ්‍රාවකයින්ට අතර තරුණ පිරිස වැඩියෙන් සිටිනවා. ඒ අයට විනෝදය දෙනවා වගේම ජීවිත හැඩගස්වා ගන්න ඔවුන්ගේ බුද්ධියට ආමන්ත්‍රණය කරන වැඩසටහන් හඳුන්වා දී තියෙනවා. දහනව වෙනි සංවත්සරය අපි ඒ ගැන හුඟාක් කල්පනා කරලා වැඩසටහන් වෙනස් කර තියෙනවා. මෙහිදි හරබර වැඩ සටහන් අපි යම් ප්‍රමාණයක් කළත් දැන් එය වැඩිකරන්න අවධානය යොමු කර තියෙනවා. එහිදි ලෝකයේ ශ්‍රේෂ්ඨතම චරිතයක් ගැන රඟ දැක්වෙන නාට්‍යක් සතියේ සෑම දිනයකම සවස 7.00 සිට 9.00 දක්වා විකාශය කරන්න කටයුතු යොදා තියෙනවා.

මෙය වෘත්තීමය තත්ත්වයෙන් ඉදිරිපත් කරන්න තමයි බලා පොරොත්තු වන්නේ. මෙහි පිටපත ලියන්නෙත් වෘත්තියෙන් පළපුරුදු අයෙක්. මේ සඳහා එක්වෙන සියලු ශිල්පීන් පවා වෘත්තීමය තත්ත්වයෙන් මනා පළපුරුද්දක් ඇති අයයි. ඒ නිසා හිරු එෆ්.එම්. ඉදිරියේදි තම ශ්‍රාවකයින්ට උසස් වින්දනයක් ලබාදෙමින් කටයුතු කරන්න තමයි උත්සහ කරන්නේ.

* ඉදිරියේ සිදුවන තාක්ෂණික වෙනස්කම්වල අභියෝගයට මුහුණදීමට තිබෙන සූදානම කවරේද?

රේඩියෝ කියන උපකරණයට තනියෙන් යන්න හැකි කාලසීමාවක් නොවේ මේ වකවානුව. රේඩියෝ සඳහා වෙනත් උපකරණ භාවිතා වෙනවා උදාහරණයක් ලෙස ජංගම දුරකතනය භාවිතා කරනවා. අන්තර්ජාලය භාවිතා කොට මේ සේවා ලබා ගන්නවා. මේවන විට තැපැල්පත් භාවිතය අඩුවෙලා. ඒ නිසා අපි ජංගම දුරකතනයත් සමග එක්වි කටයුතු කරන්න සැලසුම් කර තියෙනවා. අන්තර්ජාලය හා ෆේස් බුක් එකත් සමගත් සම්බන්ධවෙනවා.

මින් ඉදිරියේදී රේඩියෝ එකේ වැඩසටහනක් යන විට එහි යම් කොටසක් ෆේස් බුක් එකේ යවනවා එහිදීද ශ්‍රාවක ප්‍රතිචාර ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ඇතැම් වවැඩ සටහන් කරන්න නොහැකි වැඩසටහන් තියෙන අතර එවැනි වැඩසටහන් හඳුනාගෙන තියෙනවා. රේඩියෝවට තනියෙන් යන්න බැරි බව අවබෝධ කරගෙන ඊට අදාල තාක්ෂණ ක්‍රමවේද භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.

* සංගීත වැඩසටහන් වෙනස් කරන බවක් පැවසෙනවා එය සිදුවන්නේ කෙසේද?

ඇත්තෙන්ම අපි අලුත් ගීත වගේම පැරැණි ගීත ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදි සුන්දර බදාදා කියලා පැරැණි ගීත පමණයි මෙදින විකාශය වන්නේ වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම පැරැණි ගීත තමයි විකාශය කරන්නේ. මෙහිදි සෑම ගයකුගේම ගීත විකාශය වෙනවා. කිසි අවිවාදයක් නැහැ ඉහළ සිට පහළ ශ්‍රාවකයා දක්වා තවමත් ජනප්‍රිය ගායකයා එච්.ආර්.ජෝතිපාලයි. එම ශිල්පියාගේ ගීත අනෙක් දිනවලත් ටිකක් ප්‍රචාරය කරන අතර සෙනසුරාදා දිනයන්හි හිරු එෆ්.එම්. ඔස්සේ හිරු ජෝති රාත්‍රිය කියලා සංගීත සංදර්ශනයක්ද විකාශය කරනවා.

රාත්‍රී 9.00 සිට 12.00 දක්වා එහිදි ජෝතිපාල ශිල්පියා පිළිබඳවත් එම ගීතයේ විස්තරත් ඇතුළු තවත් එකළ සිදුවු රසවත් විස්තර එම ගීත ඇතුළත් චිත්‍රපටවල විස්තර මෙහිදි පවසනවා. මීට අමතරව ක්ලැරන්ස් විජේවර්ධන, ගුණදාස කපුගේ හා මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයින්ගේ ගීත වැඩියෙන්න ප්‍රචාරය කරනවා. ඊට අමතරව සතියේ දිනවල 2.00 සිට 4.00 දක්වා සිහින සිත්තරාවි අලුත් නාට්‍යක් විකාශය කරනවා. මේක නවක ආදර කතාවක් වැඩිහිටි අයට වර්තමානයේ තත්ත්වය ගැන දැනුමක් දැනුමක් ලබා ගත හැකියි.

* හිරු සුබසාධන වැඩ පිළිවෙලකුත් ආරම්භ කර තියෙනවා නේද?

අපි ගමින් ගමට ගොස් පන්සල්වල ආගමික වැඩසටහන් කරනවා. එහිදි පන්සල්වල තිබෙන අඩුපාඩුකම්වලට උදව් කරනවා. ගම් ඇතුළට ගොස් වැඩසටහන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදි ඒ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය වාහන පවා සභාපති ලබාදී තියෙනවා. ඉදිරි වසර දහයකදි අපේ රේඩියෝ අසන ශ්‍රාවකයා වෙනස්වන හැටි ගැන අපි ප්‍රබල පර්යේෂණයක නිරතවෙනවා.

SHARE