රස ගුණ පිරි යෝගට්

අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අවුරුදු නවයෙන් ඉහළ පුද්ගලයන් සඳහා දිනකට යෝගට් කෝප්ප තුනක් ආහාරයට ගැනීම සුදුසු බව නිර්දේශ කර ඇත. යෝගට් මඟින් සිරුරේ ඇටමිදුළු ආශ්‍රිත රෝගාබාධ ඉක්මනින් සුව කළ හැකි ය. ඒ වාගේ ම, හදවත් රෝග වැළඳීමේ ප්‍රවණතාව ද අවම කරයි. ආහාර අධික වීමෙන් වැළඳෙන ස්ථුලතාව ද යෝගට් ආහාරයට ගැනීමෙන් අවම කර ගත හැකි ය.

යෝගට් අහාරයට ගැනීමේ දී, ඒ සමඟ පලතුරු වර්ග කිහිපයක් මිශ්‍ර කිරීම මඟින්, එහි රසය මෙන් ම ගුණය ද වැඩි කර ගත හැකි ය. විටමින්, ඛනිජ ලවණ අධිකව අඩංගු යෝගට්, දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් වීමට මඟ සකසන බව පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත. 2014 වර්ෂයේ පළ කළ අමෙරිකා‍වේ සෞඛ්‍ය ජර්නලය මඟින්, යෝගට් මඟින් සිරුරට බැක්ටීරියා ආසාදන ඇතුළු වීම අවම කරන බව පෙන්වා දී තිබේ.

SHARE