නිතරම බෙහෙත් හොඳ නෑ

දවසේ ඕනෑම අවස්ථාවක ඇතිවන සුළු සුළු අපහසුතා මඟහරවා ගැනීමට,වේදනා නාශක හා වෛද්‍යවරයකු නිර්දේශ නොකරන ඖෂධ හිතුමතේ ලබා ගැනීමට සමහරු පුරුදුව සිටිති. වේදනා නාශක එලෙස ලබාගත් විට, අලස බවක් හා නිදිබර බවක් ඇතිවිය හැකි ය. එයට හේතුව, එම ඖෂධවල නිදිබර බවක් ගෙනෙන සංඝටක අඩංගු වන බැවිනි.

එමෙන් ම, දිගින් දිගටම කැෆේන් අඩංගු ඖෂධවලින් සිරුරට දැනෙන ප්‍රබෝධජනක බවට ඇබ්බැහිවී සිටින්නකුට, එය නොමැති වීමෙන් විඩාබර බවක් දැනේනට ද පුළුවන. සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්සට නියම කරන බොහෝ ඖෂධවල ඇල්කොහොල් අඩංගු නිසා, නිරතුරුවම එවැනි ඖෂධවලට ඇබ්බැහි වීම සුදුසු නොවේ.

මේ නිසා,වෙහෙසකාරී හා නිදිබර බවක් ඇති කරන ඖෂධවලට වෙනත් විකල්ප ඖෂධයක් නියම කරන ලෙස ඔබට වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටිය හැකි ය. එමඟින්, අනවශ්‍ය ඖෂධ ශරීරගතවීම වැලකේ. එසේ ම, එම ඖෂධ මඟින් ඇතිවන අහිතකර සංකූලතා මෙන් ම, ඒවා නිසා ඇතිවන වෙනත් රෝගාබාධ වැලඳීම ද සිදු නොවේ

SHARE