කෝච්චියේ ගීත ගයා කන් පිනවන චන්දන

දුම්රියේ හිරවී තෙරපී සිටින මගීන්ගේ විඩාව මඳකට සන්සිඳවීමට ඒ සුමියුරු ගී හඬ සමත්විය. කාගෙත් නෙත යොමුවුණේ ගිටාරයක් දරාගන එහි සේන්දු වූ තරුණ කලා ශිල්පියා වෙතය. ඔහු නමින් චන්දන ගංගානාත්ය.

ක්ලැරන්ස් විජේවර්ධන, අමරදේවයන්, වික්ටර් රත්නායක, මිල්ටන් මල්ලවආරච්චි යන පැරණි ගායකයන්ගේ ගීත ගායන හැකියාව පමණක් නොව වේග රිද්ම ගීතද ගිටාරයේ තත් හසුරවමින් ගංගනාත් මැනවින් ගායනයේ යෙදෙයි. මොහුගේ හැකියාවට දුම්රිය මඟීන් ලබා දෙනුලබන මුදලජීවත් වීමට තරම් ප්‍රමාණවත් නොවුණ ද ඔහු කළකිරීමකින් තොරව මෙම වෘත්තියේ යෙදෙන බවට දුම්රියේ ඔහුගේගීත ශ්‍රවණය කරන්නන් අප සමග පැවසීය.

මොහු අධ්‍යාපනය ලබා ඇත්තේ ගල්ගම්මුල්ල මධ්‍ය විදුහලිනි. අනතුරුව කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇති මුත්ආර්ථික බාධා මැද තම මවගෙත් ඔහුගේත් ජීවිකාව ගෙනයාමට වීදි ගායනයට එක් වී ඇති බව ඔහුඅප සමඟ පැවසීය. මේ වනවිට කැලිප්සො සංගීත කණ්ඩායමක් හා එක්ව වැඩ කරමින් සිටියද ඒ අතරතුර මංගල, උපන්දින සාද සඳහා සූපවේදීත්වයෙන් සහය වීමට දක්ෂතාවක් දඔහු තුළ ඇත. චන්දන මෙම හැකියාවන් තුළින් මුදල්උපයාගන්නේ ද ඔහු සතුව ඇති උසස් අධ්‍යාපන සිහිනය සඵල කර ගැනීමටය.

මේවනවිටත් ක්ලැසිකල් සංගීත ඩිප්ලෝමාධාරියෙකු වන මොහු සුමිහිර ගීත ගයන්නා වූ කලාකරුවෙකි. මොහු සතුව විශේෂිත දක්ෂතා කිහිපයක්ම තිබේ. ලීඩ් ගිටාර් වාදන, බොක්ස් ගිටාර් වාදනය ගීත ගායනය වැනි දෑය. මීරිගමින් දුම්රියට ගොඩවන මොහු දිනකට වාර තුන හතරක්ම කොළඹ – කොටුව දෙසට ගමනේ යෙදෙමින් ප්‍රේක්ෂක ඉල්ලීම්ද ඉටු කරමින් සොච්චම් මුදලක් හරි හම්බකර ගන්නා අතරම විටක දුම්රියේ තහනම් අවවාදයන්ටද මුහුණ දෙමින් යාමටසිදුව තිබේ. කෙසේ නමුත් කිසිදු පුද්ගලයෙක් හට හිරිහැරයක් නොවෙමින් තම පාඩුවේ ජීවිකාව කරගෙන යයි.

කුලී නිවෙසක ජීවත්වන මොහුගේ එකම අහිංසක පැතුම නම් උසස් අධ්‍යාපනයට මුදල් උපයා ගැනීම පමණක් නොව මවට සහ ඔහුට ජීවත්වීමට ඔවුන්ටම කියා නිවෙසක් තනා ගැනීමටයි. ඔහු සමාජයෙන්ද බලාපොරොත්තු වන්නේ එකම දෙයකි. එනම් හැකියාවට කොහේ හෝ තැනක් සකසා දෙන්නේ නම් අනේකවාරයක් ස්තුති වන බව හැඩුම් ස්වරයෙන් අප සමඟ පැවසීය. මේ අහිංසක තරුණ කලාකරුවාගේ සිහිනය යතාර්ථයක් වීමට නම් ඔබ අප සැමගේ උදව් උපකාර ඔහුට නිතැතින්ම අවශ්‍ය වේ.

එනිසාවෙන් චන්දනගේ මියුරු ගීත අසා දුරකථන අංක 0772810332 ඇමතීමෙන් ඔහුගේ හැකියාවට වටිනාකමක් ලබාදෙන්න ඔබට පුළුවන

SHARE