පිංකැට සීල් තැබීම පිළිබඳ නීතිය  හඳුන්වා දුන්නේ ඩී. බී. ජයතිලකයි

පූජනීය ස්‌ථානවල පිං පෙට්‌ටි පිළිබඳ නීතිය හඳුන්වා දුන්නේ 1931 දී බෞද්ධ නායකයකු වූ ඩී. බී. ජයතිලක මහතා විසින් බවත් ඊට මහනාහිමිවරුන් ඇතුළු සියලු පාර්ශ්ව ප්‍රශංසා කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

1960 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය කැලණි විහාරයේ පිං පෙට්‌ටි සියල්ල සීල් කළ බවත් එම කරුණු නොදන්නා අය පිං පෙට්‌ටි සීල් කිරීම ආරම්භ කළේ කොහොමද කියා දිවයින පුවත් පතෙන් විමසා සිටිය යුතු බවත් අගමැතිවරයා ඊයේ කියා සිටියේ වත්මන් සමාජ හා ආගමික කටයුතු පිළිබඳව තරුණ භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

දිවයින පුවත්පත ආරම්භ කළ උපාලි විජයවර්ධන මහතා කැලණිය විහාරයේ නිලමේ ලෙස කටයුතු කරන විට එහි පිං පෙට්‌ටි සීල් කළ බවද එබැවින් දිවයින පුවත්පත පිං පෙට්‌ටි සීල් තැබිම ගැන හොඳින්ම දන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පසුගිය රජය මල්වතු පාර්ශ්වය දෙකඩ කිරීමට උත්සාහ කරද්දී දිවයින ඒ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්‌තල හෝ කතුවැකි නොලියූ බවද අගමැතිවරයා කියා සිටියේය.

SHARE