ඩෙංගු වෙනුවෙන් රටම පාරට

ඩෙංගු පාලනය සඳහා වන ප්‍රධානතම වැඩසටහන් රැසක් අද (15) දිවයින පුරා පැවැත්වුණා.

එහි ජාතික වැඩසටහන පැවැත්වුණේ කළුතර ප්‍රදේශය තුළයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් ද අමාත්‍ය රාජිත සේනාරත්න සමග ඊට එක්ව සිටියා.

ඔවුන් ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් නිවෙස්වල වහල පරික්ෂා කිරීම් සිදු කළා.



මේ අතර තරුණ තරුණියන් දහස් ගණනක් එක්කරමින්  ජාතික තරුණ සේවා සභාවද එහි සභාපති එරන්ද වැලිඅංගේ ප්‍රධානත්වයෙන් ඩෙංගු බෝවන ස්ථාන සෙවීමේ සහ එම ස්ථාන විනාශ කිරීමේ කටයුතු අද ආරම්භ කර තිබුණා.

නිවෙස් සහ ඒ අවට පරික්ෂාව මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමද එම තරුණ පිරිස්වල දායකත්වයෙන් සිදු වුණා.






 මේ අතර ඩෙංගු මර්දනය සඳහා ප්‍රකාශිත ජාතික ක්‍රියාන්විතය රාජ්‍ය හා පෞද්ගලික සියලු මාධ්‍ය ආයතන ප්‍රමුඛව පාර්ශව ගණනාවක සහභාගීත්වයෙන් අද (15) සිදු කෙරුණා.

උදෑසන 10.00 සිට දහවල් 12.00 දක්වා ලංකාවාසී බොහේ දෙනා  එකම වේලාකවක දී තම නිවස හා අවට පරිසරය පිරිසිදු කිරිම මෙහි අරමුණ වුණා.

SHARE