PCR පරීක්ෂණ කට්ටල 10,000 ක් ඇතුළු සෞඛ්‍ය උපකරණ තොගයක් චීනයෙන් මෙරටට

PCR පරීක්ෂණ සඳහා යොදා ගන්නා පරීක්ෂණ කට්ටල10,000 ක් ඇතුළු තව ත් සෞඛ්‍ය උපකරණ තොගයක් චීන රජය මෙරටට පරිත්‍යාග කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, ඒ අතර සාමාන්‍ය මුඛ ආවරණ ලක්ෂයක් ද වන බවයි.

පසුගිය 28 වැනි දා සිට මේ දක්වා අවස්ථා ගණනාවකදී චීනය මෙරට කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය උපකරණ හා මුඛ ආවරණ ප්‍රදානය කළ බව භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *