/
/
title icon ලබන මාසයේ ගෑස් මිල, ගෑස් පෙන්වන ලකුණු.
ලබන මාසයේ ගෑස් මිල, ගෑස් පෙන්වන ලකුණු.
Editor
1 year ago
Share:
ලබන මාසයේ ගෑස් මිල, ගෑස් පෙන්වන ලකුණු.

ලෝක වෙළඳපළේ ගෑස් මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් ලබන මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් පමණ ඉහළ යනු ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

අවසන්වරට ලිට්‍රෝ ගෑස් මිල පසුගිය 05 වනදා සංශෝධනය කෙරුණු අතර එහිදී එම වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 201 කින් පහළ ගියා. ‍

ඒ අනුව මේ වන විට කිලෝ ග‍්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් වෙළඳපලේ අලෙවි වන්නේ රුපියල් 4,409 කටයි.

එමෙන්ම කිලෝග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද පසුගිය 06 වනදා රුපියල් 220 කින් පහත දැමුණු අතර එම වර්ගයේ සිලින්ඩරයක් රුපියල් 5,080 කට මේ වනවිට අලෙවි වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required