English English සිංහල සිංහල தமிழ் தமிழ்

හෙට රාජ්‍ය සේවක වැටුප් ගෙවන බවට සියඹලාපිටියගෙන් සහතිකයක්.

Facebook
Twitter
LinkedIn

රාජ්‍ය සේවකයින්ගේ වැටුප හෙට (25) නියමිත පරිදි ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළා.

මේ අතර, රජයේ නව බදු ප‍්‍රතිපත්තියට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, කොළඹ වරායේ වෘත්තීය සමිති සහ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ වෘත්තීය ක‍්‍රියාමාර්ගවල නිරත වුණා. ඒ අනුව ලංකා බැංකු සේවක සංගමය කළු වර්ණයෙන් සැරසී සේවයට වාර්තා කර තිබුණා.

ඔවුන් නව බදු ප‍්‍රතිපත්තියට එරෙහිව පෙත්සමක්ද පසුගියදා අත්සන් කළ අතර ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් සේනානායක කියා සිටියේ එම විරෝධතා පෙත්සම ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයට භාරදුන් බවයි.

එමෙන්ම කොළඹ වරායේ වෘත්තීය සමිති ඊයේ දහවල් වරාය ප‍්‍රධාන පිවිසුම අසළදී විරෝධතාවක නිරත වූයේද නව බදු ප‍්‍රතිපත්තියට එරෙහිවයි. විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව, මල්වත්ත පාර සහ අබ්දුල් කාදර් මාවතද සම්පූර්ණයෙන් අවහිර වුණා.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින්ද බදු ප‍්‍රතිපත්තියට එරෙහිව ඊයේ කළු පටි පැළඳ කළු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කර තිබුණා. එහිදි ඖෂධ හිඟයට විසදුම් ඉල්ලා ඔවුන් කොළඹ ජාතික රෝහලේදි මහජන පෙත්සමකටද අත්සන් තැබීම සිදුකළා.

එමෙන්ම රජයේ බදු ප‍්‍රතිපත්තියට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊයේ උදෑසන 08 සිට ක්‍රියාත්මක කළ පැය 4 ක සංකේත වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශයේ කටයුතු සඳහා බාධා එල්ල වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000