/
/
title icon ගජමෑන්
ගජමෑන්
Editor
1 year ago
Share:
ගජමෑන්

මෙරට ජනප්‍රිය පුවත් පත් කාටූන් චරිතයක් වූ ගජමෑන් ඇසුරෙන් නිර්මාණය කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය ජනවාරි මස 20 දින සිට ප්‍රේක්ෂකයාට දැකගැනීමට අවස්ථාව හිමි විය. චානක පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මෙම සුවිශේෂී නිර්මාණය බැලිය යුතුම දෙයකි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.

ඒ වගේම මෙහි ප්‍රධානතම හඬකැවීම් ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය. ගජමෑන් චිත්‍රපටයේ තිර රචනය සිදුවන්නේද ඔවුන් දෙදෙනා අතිනි. ඉතිං එහි ඇති හාස්‍ය රසය ගැන තවත් කතා අවශ්‍ය නොවේ. ඔවුන් දෙදෙනාගේ නිර්මාණය කවදත් ප්‍රේක්ෂක ආදරය දිනාගනී.

මෙහි ඇති සුවිශේෂි බව වන්නේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ප්‍රථම 3D සිනමා නිර්මාණය මෙය වීමයි. එය එක් අතකට ශ්‍රී ලංකාව දැක්වූ එක් ජයග්‍රහණයක් බඳුය. මන්ද 3D තාක්ෂණය අතින් ලෝකය අද ඉන්නේ සිතා ගත නොහැකි ස්ථානයක ය. මෙම 3D සිනමා නිර්මාණයන්ට ලොව භාවිතයට ගනු ලබන ඉහළම තාක්ෂණය වන Motion Capture නැතහොත් ”චලන ග්‍රහණය” යොදා නිර්මාණය කිරීමට වසර 10කට ආසන්න කාලයක් ගත වී ඇත. එමෙන්ම Avatar, The Adventures of TinTin වැනි ලෝක ප්‍රසිද්ධ 3D චිත්‍රපටවල භාවිතා කළ නවීනතම Motion Capture තාක්ෂණය ලාංකීය නිර්මාණයකට උපයෝගී කරගත් පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

ලංකාවේ පැරණිතම පුවත්පත් චිත්‍රකතාවක් වන, කැමිලස් පෙරේරා මහතාගේ ‘ගජමෑන්’ කාටූනය ඇසුරෙන් මෙම නිර්මාණය සිදු කර තිබේ.

මෙම නිර්මාණයෙහි දර්ශන සඳහා ප්‍රධාන රංගනයෙන් සම්බන්ධ වන්නේ පහත පිරිසයි.

ගජමෑන් – දසුන් පතිරණ

මගෝඩිස්තුමා – ටිරාන් අබේවර්ධන

ඇම්ඩා – චාමර ප්‍රියදර්ශන

ස්වීටි – නිපුනි ශාරදා

පද්මාවතී – කසුනි කාවින්දි

ටික්කා – ප්‍රදීප් රාමවික්‍රම

කෙසේ වෙතත් සිනමාවට ආදරය කරන ඔබ, ශ්‍රී ලංකා සිනමාවට ආදරය කරන ඔබ මෙම අද්දැකීම ලබා ගත යුතුය. මන්ද මෙය වෙනස් සිනමා නිර්මාණයක් වන නිසාය.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required