English English සිංහල සිංහල தமிழ் தமிழ்

විදුලි කප්පාදුව ගැන අද මානව හිමිකම් කොමිසමේ විමර්ශනයක්.

Facebook
Twitter
LinkedIn

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අද, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවරක් නොගැනීම හේතුවෙන්.

ඊයේ දිනයේ රටේ විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් ගිගා වොට් පැය 42යි දශම 58ක විදුලි උත්පාදනයක් කර විදුලිබල මණ්ඩලය විසින් ජාතික පද්ධතියට එක්තු කර ඇති අතර විදුලි කප්පාදුවෙන් ගිගා වොට් පැය 2යි දශම 22ක ධාරිතාවක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව මෙන්ම නොරොච්චෝලේ තාප බලාගාරයට අවශ්‍ය ගල් අඟු‍රු ලබා ගැනීම පිළිබඳව සාකච්ඡුාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟු‍රු සමාගමේ නිලධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ පවත්වනු ලැබුවා. එහිදී අනාවරණ වී ඇත්තේ ජනවාරී මාසය වෙනුවෙන් සැලසුම් කළ ගල් අඟු‍රු නෞකා 7න් 5ක ගල් අඟු‍රු මේ වනවිට ලබා ගෙන ඇති බවයි.

එසේම තවත් ගල් අඟුරු නෞකා 2ක් මෙම මාසය තුළදී දිවයිනට ළඟාවීමට නියමිතයි. ඒ අනුව මේ වන විට ගල් අඟු‍රු නෞකා 10ක් මෙම කාල සීමාව වෙනුවෙන් ලබාගෙන ඇති අතර සම්පුර්ණ අවශ්‍යතාවය වෙනුවෙන් ගල් අඟු‍රු නෞකා 33ක් ලබා ගත යුතුව ඇති බවද එහිදී අනාවරණ වුණා.

එමෙන්ම පෙබරවාරි මාසයේදී ගල් අඟු‍රු නෞකා 7ක්, මාර්තු මාසයේදී නෞකා 7ක් සහ අපේ‍්‍රල් මාසයේදී නෞකා 7ක් ලබා ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා ගැනීම වෙනුවෙන් මේ වනවිට රාජ්‍ය බැංකු දෙකකින් ඉල්ලීම් කර ඇති බවයි අනාවරණ වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000
New

Video Camara

රු15,000
New

Japan Bicycles

රු55,000