/
/
title icon කෝච්චියෙන් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය ගැන ඇමති බන්දුල වාර්තාවක් කැඳවයි.
කෝච්චියෙන් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය ගැන ඇමති බන්දුල වාර්තාවක් කැඳවයි.
Editor
1 year ago
Share:
කෝච්චියෙන් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය ගැන ඇමති බන්දුල වාර්තාවක් කැඳවයි.

දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙසට ප‍්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

හාලිඇල, ඔහිය, අඹේවෙල, පට්ටිපොල සහ නානුඔය වැනි දුම්රිය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය මැදිරි කිහිපයක් යොදා පර්යේෂණ ධාවනයක් පසුගියදා සිදුකළා.

මගී ප‍්‍රවාහනයෙන් ඉවත් කර තිබෙන, දුම්රිය මැදිරි 05 ක් සුදුසු පරිදි නවීකරණය කර අදාළ පර්යේෂණ ධාවනය සිදුකර තිබෙනවා. එබැවින් කඩිනමින් දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප‍්‍රවාහනය කිරීමේ ක‍්‍රමවේදය සකස් කරන ලෙසටයි විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required