English English සිංහල සිංහල தமிழ் தமிழ்

විධාන කඩකළ විදුලිබල ලේකම්ට සහ මණ්ඩලයට මානව හිමිකම් කොමිසමෙන් නඩු.

Facebook
Twitter
LinkedIn

උසස් පෙළ විභාගය අවසන්වන පෙබරවාරි මස 17 වනදා තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට එළැඹි සමථයට අදාළ විධානය පැහැරහැරීමට එරෙහිව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා. එම නඩු පැවරීමට අදාළ සහතික අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමුකළ බවයි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සඳහන් කළේ.

නඩුවේ වගඋත්තතරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම්කර ඇති බව සඳහන්.

මේ අතර පෙබරවාරි 17 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීම සඳහා වන ඉල්ලීම් කිරීමෙන් වැළකිය යුතු බව මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලය වෙත අවධාරණය කර තිබෙනවා. එම කාලසීමාව තුළ දී විදුලි සැපයුම සීමා කිරීමක් සිදුකළහොත් එය බලපත‍්‍ර කොන්දේසි කඩකිරීමක් බවත්, විදුලිබල මණ්ඩලය ඒ සදහා නීත්‍යානුකූලව වගකිව යුතු බවත්, මහජන උපයෝගීතා කොමිසම පෙන්වා දෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ බලධාරීන් වෙත ලිපියක් යොමු කරමිනුයි මේ බව සදහන් කර ඇත්තේ.

විදුලිබල මණ්ඩලය විසින් ජනවාරි මස 27 වන දින සිදුකිරීමට අපේක්ෂිත විදුලි කප්පාදුවට අදාළ ඉල්ලීම ඇතුළත් ලිපියකට ප‍්‍රතිචාර ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙම ලිපිය යොමුකර තිබෙනවා.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ ජනවාරි 26 වන දින සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා නොදෙන බවයි. තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය නවයක් වන උසස්පෙළ විභාග අපේක්ෂකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහා මෙම පියවර ගන්නා බවද එම ලිපියේ සදහන්.

මේ අතර මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ පැවති සාකච්ඡාවේදී එකඟතාව පළනොකළ ලේඛන 02 කට තම අමාත්‍යංශ නිලධාරින්ගෙන් අත්සන් ලබාගෙන ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්ව්ටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ සිරදඩුවම් නියමකරන බවට තර්ජනය කරමින් කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු, තම නිලධාරින්ට බලපෑම් කර මෙම අත්සන් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව මානව හිමිකම් කොමිසමේ නිලධාරින්ට එරෙහිව ගතයුතු පියවර සම්බන්ධයෙන් දැනටමත් නීතිමය අදහස් විමසා ඇති අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද ඊයේ පෙරවරුවේ කටයුතු කළ බව අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවටද මේ පිළිබඳ ඉදිරියේදී ලිඛිත දැනුවත් කිරීමක් සිදුකරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් සටහනේ දක්වා ඇත්තේ.

එමෙන්ම පසුගිය 25 වනදා මානව හිමිකම් කොමිසම කැඳවූ සාකච්ඡුාවේදී තමන් නියෝජනය කරමින් සහභාගි වූ නිලධාරින් මතු කළ කරුණු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොවූ බවට චෝදනා කරමින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

හුදෙක් මානව හිමිකම් කොමිසන් සභාවේ ඒකපාර්ශවීය මතය වෙත ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බවට අදාළ නිලධාරීන් තමන්ට වාර්තා කළ බවයි කළමනාකාර අධ්‍යක්ෂවරයා එම ලිපියේ දක්වා ඇත්තේ.

එබැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත අසාධාරණයක් සිදුව ඇති අතර, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශය යළි සළකා බැලීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව කළමනාකාර අධ්‍යක්ෂවරයා එම ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

උසස් පෙළ විභාගය අවසන් වනතෙක් විදුලිය ලබාදීමට නම්, අවශ්‍ය පිරිවැය සපයා ගැනෙන ගාස්තු සංශෝධනයකට යනතුරු විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් සඳහන් කළේ. මුදල් ප‍්‍රතිපාදන ලැබුනහොත් කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමේ හැකියාව පවතින බවි ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, මානව හිමිකම් කොමිෂන් සභාවේ පසුගිය 25 වැනිදා පැවති සාකච්ඡාවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, මහජන උපයෝගිතා කොමිසන් සභාව, විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමථයකට එළැඹුනේ ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි විදුලිය කප්පාදු නොකිරීමටයි.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් විධානයන් කඩකරමින් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ විදුලිය කප්පාදු කිරීමට පියවර ගත් අතර අද දිනයේද ප‍්‍රදේශ රැසක පස්වරුවේ විදුලිය කප්පාදු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000