
ත‍්‍රිකුණාමලය ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 05 දෙනෙකු මියන්මාරයේ යැන්ගොන් ප‍්‍රදේශයේ පොලිසියක රඳවා සිටින බව වාර්තා වනවා. පසුගිය වසරේ දෙසැම්බර් 29 වන දින එම පිරිස ත‍්‍රිකුණාමලය ධීවර වරායෙන් මුහුදු ගොස් තිබෙන අතර, ඔවුන් දික්වැල්ල, වැලිගම සහ ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන්ගේ බෝට්ටුව වෙනත් යාත‍්‍රාවකින් රැගෙන යන බවට ධීවරයින්ගේ ඥාතීන්ට තොරතුරක් ලැබී තිබූ අතර, ඔවුන් විසින් විසින් මීට පෙර ධීවර දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.