English English සිංහල සිංහල தமிழ் தமிழ்

A/L අවසන් වනතුරු විදුලිය කපන්න අවසර නැහැ – උපයෝගීතා කොමිසම කියයි – අදත් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක්.

Facebook
Twitter
LinkedIn

උසස් පෙළ විභාගය අවසන් වන මේ මස 17 වනදා දක්වා කිසිදු ආකාරයක විදුලි කප්පාදුවකට අවසර ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තුන් ලක්ෂ තිස් එක්දහසකගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.

එය නොතකා සිදුකරන විදුලි කප්පාදුවක් අනවසර සහ අනීතික ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළා.

විදුලිය උත්පාදනය සඳහා අතිරික්ත ජලය නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වීමත් සමඟ පසුගිය 30 සහ 31 යන දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු කෙරුණේ නැහැ.

එහෙත් එම කාර්යාලය ඊයේ ප‍්‍රකාශ කළේ විදුලි උත්පාදනය සදහා තවදුරටත් අතිරික්ත ජලය නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව ඊයේ සිට යලි පැය 2යි විනාඩි 20 කාලයක් විදුලිය කප්පාදු කෙරුණා. අද දිනයේද එය ක්‍රියාත්මක බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

මේ අතර, උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම ඊයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

එසේම, විභාගය පැවැත්වෙන අවස්ථාවේ විදුලිය කප්පාදු කිරිම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමයද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000