
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත‍්‍රයාට පහරදී නිවසට අලාභ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු 14 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී අධිකරණය නියෝග කළේ එක් සිසුවෙකුට රුපියල් 15,000 බැගින් මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටයි.
එමෙන්ම, විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමෝද් සත්සරට සෑම මසකම පළමුවන සහ තුන්වන ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළා. මීට අමතරව සෙසු සැකකරුවන්ට සෑම මසකම අවසන් සතියේ ඉරුදින පේරාදෙණිය පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටිය යුතුයි.
එමෙන්ම සිසුන් 14 දෙනාගේම විදෙස් ගමන්ද තහනම් කර තිබෙනවා.