English English සිංහල සිංහල தமிழ் தமிழ்

සියළුම රාජ්‍ය ආයතනවල වියදම් 06% කින් කපාහැරේ.

Facebook
Twitter
LinkedIn

කැබිනට් තීරණයකට අනුව සියලූ රාජ්‍ය ආයතන වල වියදම් සියයට 6කින් කප්පාදු කළ යුතු බවට චක‍්‍රලේඛයක් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන්, පළාත් පාලන ප‍්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප‍්‍රධානීන් වෙතයි මෙම චක‍්‍රලේඛනය නිකුත් කර ඇත්තේ.

මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස් කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන්, ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිවිපාක අවම කිරීම සඳහා රාජ්‍ය වියදම් වඩාත් අරපිරිමැසුම්දායී ලෙස භාවිත කිරීම සහ අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීම මෙහි අරමුණයි.

ඒ අනුව අයවැය මගින් වෙන්කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී තිබෙනවා. වියදම් අවම කිරීම සඳහා හඳුනාගත් ක‍්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තුද මේ මස 28 වනදාට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසද මෙම චක‍්‍රලේඛනය මගින් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000