English English සිංහල සිංහල தமிழ் தமிழ்

“SHADES” හිමිකරුගේ මෝටර් රථය මීගමුවේ ගරාජයක.

Facebook
Twitter
LinkedIn

පැලවත්ත – එම්.ඩී.එච්. පුර සිය නිවසේ නාන තටාකයේ තිබී සිරුර සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප‍්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිටට රැගෙන ආ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු හෙළිව තිබෙනවා. පසුගිය 31 වනදා රාත‍්‍රියේ ආපදා රථයකින් එම මෝටර් රථය අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බවයි පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කටුනායක අධිවේගි මාර්ගයේ ජා -ඇල පිටවුමේදී එම මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්ව ආපදා රථයකින් රැගෙන එන ආකාරය සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී තිබෙනවා. දින කිහිපයක සිට තම ගරාජය ඉදිරිපිට මාර්ගයේ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් සැකකටයුතු ලෙස නවතා තිබෙන බවට ගරාජයේ හිමිකරු මීගමුව පොලිසියට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ පිළිබඳ විමර්ශන අරඹා තිබූ පසුබිමකයි ඊයේ දහවල් පැලවත්ත එම්.ඩී.එච් පුර ප‍්‍රදේශයේ ඉදිකරමින් තිබූ අදාළ ව්‍යාපාරිකයාට අයත් නිවසක නාන තටාකයේ තිබී එම ව්‍යාපාරිකයාගේ සිරුර සොයා ගැනුණේ.

සී.සී.ටී.වී. දර්ශනවලට අනුව, ආපදා රථය සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත්, මෝටර් රථය අදාළ ස්ථානයේ තබා ඔවුන් එම ආපදා රථයේම නැඟී පිටව යන ආකාරයත් සටහන් වී තිබෙනවා. මේ වනවිට අදාළ ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මෝටර් රථය සමඟ පැමිණි යුවල සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකෙරෙන බව සඳහන්.

නාන තටාකයේ තිබී මළ සිරුර හමුවූ 49 හැවිරිදි අදාළ ව්‍යාපාරිකයා අවිවාහකයෙකු වන අතර, ඔහු මෙරට ප‍්‍රසිද්ධ නිමි ඇදුම් ජාලයක් වන SHADES හි හිමිකරුවෙකුද වනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇති අතර, ඒ අනුව පොලිස් කණ්ඩායම් 3 ක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.

මෙම ව්‍යාපාරිකයා අවසන්වරට සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත තම මෝටර් රථයෙන් පැමිණ පැලවත්ත, එම්.ඩී.එච්. පුර ප‍්‍රදේශයේ නිවසේ යතුර රැගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඔහු සමඟ තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළුවන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී ඇති ඇතත් මෝටර් රථයේ නැඟී නිවසින් පිටව ගොස් ඇත්තේ එක් පුද්ගලයෙකු පමණක් බවයි වාර්තාවන්නේ. කොළඹ අපරාධ කොට්ඨාසය සැක කරන්නේ අදාළ පුද්ගලයා ඝාතකයා වියහැකි බවටයි.

එමෙන්ම ව්‍යාපාරිකයාගේ සිරුර සොයාගත් අවස්ථාවේ ඔහුගේ ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය අස්ථානගතව තිබුණා. දැනට සිදුකරන ලද විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ඔහුගේ බැංකු කාඩ්පත් භාවිතකර ගුවන් ටිකට් පත් දෙකක් මිලදී ගෙන ඇති බවයි. මෙම සිද්ධියට සම්බන්ධ වූවන් විදේශගතවී ඇත්ද යන්න සම්බන්ධයෙන් ද සැකයක් මතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක‍්‍රියාත්මක බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000