/
/
title icon නාන තටාකයෙන් හමුවූ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතීන් ප‍්‍රතික්ෂේප කරයි.
නාන තටාකයෙන් හමුවූ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතීන් ප‍්‍රතික්ෂේප කරයි.
Editor
1 year ago
Share:
නාන තටාකයෙන් හමුවූ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඥාතීන් ප‍්‍රතික්ෂේප කරයි.

පැලවත්ත, එම්.ඩී.එච්. පුර සිය නිවසේ නාන තටාකයේ තිබී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබුණද පවුලේ ඥාතීන්ට සිරුර හදුනාගත නොහැකි බවට ප‍්‍රකාශ කිරීම හේතුවෙන් එය කල් දැමුණා. කොළඹ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී මෙම දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, පවුලේ ඥාතීන්ද එම ස්ථානයට පැමිණි සිටි අතර ඔවුන් එහිදී අදාළ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ නොවන බවට ප‍්‍රකාශ කර ඇති බව සඳහන්. ඒ අනුව සිරුරේ අන්‍යතාව සම්බන්ධයෙන් මතුවූ ගැටලූකාරි තත්ත්වය හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය කල්දැමීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.

පැලවත්ත එම්.ඩී.එච්. පුර ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් තිබූ නිවසක නාන තටාකයේ තිබී අදාළ සිරුර සොයාගනු ලැබුවේ ඊයේ පස්වරුවේ වන අතර පොලිසිය සඳහන් කළේ එය 49 හැවිරිදි වියේ පසුවූ මෙරට ප‍්‍රසිද්ධ නිමි ඇදුම් ජාලයක් වන SHADES හිමිකරුගේ බවයි.

එම ව්‍යාපාරිකයා පසුගිය 30 වනදා සිට නිවසට නොපැමිණි බවට ඔහුගේ සොහොයුරිය විසින් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. ඒ අනුවයි විමර්ශන ආරම්භ කළ පොලිසිය ඔහුට අයත් බත්තරමුල්ල, පැලවත්ත එම්.ඩී.එච්. පුර නිවසේ නාන තටාකයේ තිබී එම මළ සිරුර සොයාගනු ලැබුවේ.

අවසන්වරට එම ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත තම මෝටර් රථයෙන් පැමිණ පැලවත්ත එම්.ඩී.එච්. පුර ප‍්‍රදේශයේ නිවසේ යතුර රැගෙනගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා. ඔහු සමඟ තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළු වන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල සටහන්ව ඇතත් මෝටර් රථයේ නැඟී නිවසෙන් පිටව ගොස් ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් බවයි දැනට සිදුකර ඇති සී.සී.ටී.වී. දර්ශන පරික්ෂාවේදී අනාවරණ වී ඇත්තේ.

නිවසෙන් පිටව යන පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දැනටමත් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන අරඹා ඇති අතර ව්‍යාපාරිකයාගේ බැංකු කාඩ්පත භාවිත කර කටුනායක ගුවන්තොටුපළේ වෙළඳසැලකින් කිරි පැකට් සහ යෝගට් මිලදීගෙන ඇති බවද හෙළිවී තිබෙනවා.

එමෙන්ම එම බැංකු කාඩ්පත්වලින් ගුවන් ටිකට් පත් දෙකක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරන අතර සිද්ධියට සම්බන්ධ වූවන් විදේශගතවී ඇත්ද යන සැකය ඔස්සේද මේ වනවිට විමර්ශන ක‍්‍රියාත්මක බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required