/
/
title icon ඕස්ට්‍රේලියාව.
ඕස්ට්‍රේලියාව.
Editor
1 year ago
Share:
ඕස්ට්‍රේලියාව.

ඕස්ට්‍රේලියාව යනු ඕනිම අයෙකු දන්නා මෙන්ම පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. එසේම මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලතම රටයි. ඕස්ට්‍රේලියාවට උතුරින් ඉන්දුනීසියාව ද, නැගෙනහිරින් ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් නවසීලන්තය ද වෙයි.

කැන්බරා යනු ඕස්ට්‍රේලියාවේ අගනුවර වේ. එසේම සිඩ්නි යනු එහි විශාලතම නගරය වේ. ජාතික භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. එසේම මෙහි වර්ග ප්‍රමාණය 7,617,930 km2 පමණ වේ. අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් පමණ වේ. ලොව ඉහළම ස්ථානයක සිටින මෙහි අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන වැනි සාධක ඉතාමත් දියුණු මට්ටමක පවති.

එසේම ඕස්ට්‍රේලියානු ජාතික ධජය මුල්ම වරට එරට ලෙළදි ඇත්තේ 1901 සැප්තැම්බර් 3 වන දින මෙල්බර්න් නුවරදීයි. මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වී ඇත. ඒ අනුව ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරාගෙන තිබේ. කොඩියෙහි දකුණු පස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ දී දැකිය හැකි දකුණු කුරුසිය තාරුකා මණ්ඩලය සංකේතවත් වෙයි. මෙම තාරුකා පහ, දීප්තිමත්භාවෙය් පිළිවෙලට ග්‍රීක හෝඩියේ ම්ල් අකුරු පහෙන් හදුන්වයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරනු ඇත. වර්ථමානයේ භාවිතා වන ඕස්ට්‍රේලියානු රාජ්‍ය ලාංඡනය, 1912 පස්වන ජෝර්ජ් රජ විසින් භාවිතා කරනු ලැබූවකි.

 

කෙසේ වෙතත් 1788 සිඩ්නි වරායේදී බ්‍රිතාන්‍ය ජාතික ධජය පහළ හෙලීමේ සිදුවීම සිහිකරමින්, සෑම වසරකම ජනවාරි 26 වන දින එරට ජාතික දිනය ලෙස සමරනු ලැබෙයි. ඕස්ට්‍රේලියානු ජාතික වර්ණයන් ලෙස කොල සහ රන් පැහැය, 1984 වර්ෂයේ අප්‍රියෙල් 19 වනදා සිට පිළි ගැනෙනු ඇත.

භාග්‍යා බණ්ඩාර.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required