/
/
title icon ව්‍යවස්ථා සභාව හෙට තුන්වන වරටත් රැස්වෙයි.
ව්‍යවස්ථා සභාව හෙට තුන්වන වරටත් රැස්වෙයි.
Editor
1 year ago
Share:
ව්‍යවස්ථා සභාව හෙට තුන්වන වරටත් රැස්වෙයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුන්වන වරටත් හෙට රැස්වනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 3 ට එය රැස්වීමට නියමිත බවයි වාර්තාවන්නේ. පසුගිය 30 වනදා සහ 25 වනදා ව්‍යවස්ථා සභාව රැස්වූ අවස්ථාවේදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳ සාකච්ඡාවට ලක්වුණා.

ඒ අනුව පුවත්පත් දැන්වීම් මගින් පෙබරවාරි මස 1 වනදා සිට 15 වනදා දක්වා එම කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අයදුම්පත් කැඳවීමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය, මුදල්, සීමානිර්ණය සහ ජාතික ප‍්‍රසම්පාදන යන කොමිෂන් සභා සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකිරීමට හැකිවනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required