English English සිංහල සිංහල தமிழ் தமிழ்

SHADES හිමිකරු ඝාතනයේ ප‍්‍රධාන සැකකරු සහ බිරිඳ කඩවතදී අල්ලයි.

Facebook
Twitter
LinkedIn

පැලවත්ත නිවසක තිබියදී සොයාගත් නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මරණයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු සහ බිරිඳ කඩවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 27 ක් වන අතර බිරිඳ 21 වන වියේ පසුවනවා.

බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එහි හිමිකරු වන අදාළ නිමි ඇදුම් ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයාගනු ලැබුවේ පසුගිය 02 වනදායි. 49 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ නිවසේ සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේදී අදාළ ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමඟ මෝටර් රථයෙන් පැමිණ නිවසට ඇතුළුවන ආකාරයත් එක් පුද්ගලයෙකු පමණක් නිවසෙන් පිටව යන ආකාරයත් නිරීක්ෂණය වී තිබුණා.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලට අනුව ව්‍යාපාරිකයාට අයත් මෝටර් රථය පසුගිය 03 වනදා මීගමුව ප‍්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නවතා තිබියදී සොයාගෙන තිබුණා.

තරුණ යුවලක් ආපදා රථයකින් එම මෝටර් රථය රැගෙනවිත් ගරාජය ඉදිරිපිට මාර්ගයේ දමා යන අයුරු සී.සී.ටී.වී දර්ශනවල සටහන්වී තිබූ අතර වැඩිදුර විමර්ශනවලදී හෙළිවුණේ පැලවත්ත නිවසෙන් පිටවූ මෝටර් රථයේ සිටි පුද්ගලයා අතරමඟදී කාන්තාවක් ඊට නංවා ගෙන ඇති බවයි.

පසුව මෙම මෝටර් රථය කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ ජාඇල පිටවුමේදී කාර්මික දෝෂයකට ලක්ව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවල කොළොන්නාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000